අපගේ දැක්ම

නව තාක්ෂණය තුලින් විශිෂ්ටරාජ්‍ය සේවාවක්.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව මනා සම්පත් සම්බන්ධිකරණයක් සහිත ප්‍රාදේශිය පරිපාලන ක්‍රමයක්තුලින් ජනතාවගේඅපේක්ෂාවන් ඉටුවන අයුරින් කාර්යක්ෂම ඵලදායි නව රාජ්‍ය සේවාවක් සහතික කිරිම.

බියගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දිය යුතු නමුත් මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වන්නේ අදාල වටිනාකමට මුද්දර පමණි. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. 

ආයතනයේ විකාශනය

බියගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නැමැති ආයතනයේ විකාශනය සොයා යෑමේදී 1979වර්ෂයේ කැළණිය උප දිසාපති කාර්යාලය තුල උප දිසාපති ගුණසිංහ මහතා යටතේ මාසයක පමණ කාලයක් බියගම උප දිසාපති කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත.ඉන් පසුව හෙයියන්තුඩුව බටුවත්ත ප්‍රදේශයේ නාරංගල මුදලාලි මහතාගේ නිවසේ උප දිසාපති කාර්යාලය ස්ථාපිත කර පවත්වාගෙන ගොස් ඇත.1982 වර්ෂයේ උප දිසාපති කාර්යාලය සදහා මුල් ගල තබා1983.06.18 වන දින නව ගොඩනැගිල්ල විවෘත කරන ලදි .එහි පළමු උප දිසාපති වරයා බවට පත් වුයේ වි.කේ රූපරත්න මහතාය.

1992 වර්ෂයේ ප්‍රාදේශිය පරිපාලනය ගමින් ගමට ගෙනයාමේ වැඩසටහන යටතේ නියමු වයාපෘතිය ක්‍රියාත්මක විමත් සමඟම ලංකාවේ පළමු සහකාර ප්‍රාදේශිය ලේකම් තනතුර මෙම කාර්යාලයෙන් ආරම්භ වු අතර පළමු විවාහය ලියාපදිංචිය සිදු කර ඇත්තේද මෙහි දිය. විශේෂ වැදගත් කම් රාශියකින් යුත්ත මෙම කාර්යාලය සුවිශේෂිය.

1982  වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ නාම ලේඛණය

නම සිට දක්වා
වී.කේ.රූපරත්න මයා  1982.11.01 1997.07.13 
ඩි.එම්.කේ.වි. ජයකොඩි මහතා  1997.07.14  2000.02.16
 කේ.ආර් ලයනල් විජයවර්ධන  මහතා  2000.02.17  2002.12.04
 ටි.ඩි.සමන් පෙරේරා මහතා 2002.12.05   2012.12.31
එස්.ඩබ් පුෂ්පමාලා මිය 2013. 2017.
එස්.ඒ චන්දිමා සුරියආරචචිචි  2017.07
     

News & Events

28
අගෝ2017
බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 අගෝස්තු...

28
අගෝ2017
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම

ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා...

Scroll To Top